ලෝකයේ උසම දියඇලි10 හා දිය ඇලිවල වර්ගීකරණය


 ලෝකයේ උසම  දිය ඇලි 10 මෙන්න

ජල පෝෂක ප්‍රදේශ හරහා ස්වභාවිකව එකතුවන ජලය ඒකරාශි වී අංශක 35 කට නොඅඩු ශීඝ්‍ර බෑවුම් ඔස්සෙ වසරකට මාස 4කට නොඅඩු කාලයක් ස්ථාවරව ජල දහරාවක් ලෙස විනාඩියකට ජලය ලීටර 100 කට නොඅඩුව ඇදහැලේනම් එය දිය ඇල්ලකි.


01   ඒන්ජල් දිය ඇල්ල (Angel Water Fall)

ü  උස                  : මීටර 979 (අඩි 3212) 

ü  පිහිටීම           : කැනයිමා ජාතික උද්‍යානය

ü  රට                  : වෙනුසුවෙලා

"ජිමී ඒන්ජල්" නැමති ගුවන් නියමුවෙක් රත්තරන් නිධි සොයා යන අතරතුර දී මුලින්ම හදුනාගන ඇති මෙම දිය ඇල්ල, එම ගුවන් නියමුවාට ගරු කිරීමක් වශයෙන් "ඒන්ජල් දිය ඇල්ල" නමින් හදුන්වනු ලබයි. 



02   ටුගෙලා දිය ඇල්ල (Tugela Water Fall)


üඋස                  : මීටර 948 (අඩි3110)

ü  පිහිටීම           : කව්සුලු නටාල්

ü  රට                  : දකුණු අප්‍රිකාව

ලොව මනස්කාන්ත දියඇලි අතර ප්‍රධාන තැනක් ගන්නා නමුත් මෙම දිය ඇල්ල වර්ෂාව අඩු කාලයෙ විශාල ජල පරිමාණයක් අඩු වේ.

 


03   ට්‍රේස් හර්මනාස් දිය ඇල්ල (Tres Hermanas Fall)

 උස                  : මීටර 914 (අඩි 299

පිහිටීම           : ඔටිෂි නැෂනල් පාර්ක්, ජුනින්

රට                  : පේරු

සහෝදරියන් තිදෙනාගෙ දිය ඇල්ල නමින් හැදින්වෙන මෙම දිය ඇල්ලට ප්‍රවේශ වීම අති දුෂ්කර කාර්යක් වන අතර ඒ නිසාම සංචාරකයන්ට ලගාවීම සීමා වී ඇත.


04   ඔලොව්පිනා දිය ඇල්ල (Olo'upena Water Fall)

උස                  : මීටර 900 (අඩි 2953)

              පිහිටීම           : මොලොකයි, හවායි

                     රට                  : ඇමරිකා එක්සත් ජනපදය

සොබාදහමේ අපූර්ව නිර්මානයක් වන මෙම දිය ඇල්ල කදු පර්වත අතරින් ගලා බසිමින් ඍජුව පැසිපික් සාගරයට පැමිනෙන අතර මෙම දියඇල්ල නිරීක්ෂනය කල හැක්කේ ගුවනේ සිට හෝ සාගරය දෙසින් පමනි.






05   යුම්බිලා දිය ඇල්ල (Yumbilla Water Fall)


                  උස                  : මීටර 896 (අඩි 2940)

    පිහිටීම           : ඇමසනාස්

රට                  : පේරු

මෙම දිය ඇල්ල වෙත ලගාවීම අතිශය ත්‍රාසජානක අත්දැකීමක් වන අතර ඝන කැලෑ මැදින් මඩෙහි එරෙමින් ගමන් කිරීමට සිදුවන අතර විෂ සහිත සර්පයින් විශාල ප්‍රමාණයක් ගැවසෙන බියකරු ප්‍රදේශයක මෙය පිහිටා ඇත. 




06   වින්නු පොස්සෙන් දිය ඇල්ල (Vinnufossen Fall)


            උස                  : මීටර 860 (අඩි 2822)

                                         පිහිටීම           : මෝර් ඔග් රොම්ස්ටල්

රට                  : නොර්වේ

යුරෝපයේ උසම දිය ඇල්ල වන මෙය ඉතා ආකර්ෂණීය දිය ඇල්ලක් වන අතර ලගාවීම තරමක් අපහසු වේ.



 07   බලයිපොස්සෙන් දිය ඇල්ල (Balåifossen Fall)

ü 

උස                  : මීටර 850 (අඩි 2789)

      පිහිටීම           : හෝර්ඩලැන්ඩ්

      රට                  : නොර්වේ


සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම ලගාකරගත් යුරෝපයේ උසම දිය ඇලි අතර පෙරමුණ ගන්නා මෙම දිය ඇල්ල සංචාරකයන්ට මාර්ගයේ සිටම නැරඹිය හැක.





08   පුකාඔකු දියඇල්ල (Pu'uka'oku Water Fall)

ü  උස                  : මීටර 840 (අඩි 2756)

ü  පිහිටීම           : හවායි

ü  රට                  : ඇමරිකා එක්සත්     ජනපදය

අතිශය සුන්දර දිය ඇල්ලක් වන මෙය හවායි දූපත්හි සංචාරය කරන සංචාරකයන් අනිවාර්ය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස  දැක්විය හැකිය.



09   ජේම්ස් බ්රූස් දියඇල්ල (James Bruce Fall)

ü  උස                  : මීටර 840 (අඩි 2756)

ü  පිහිටීම           : බ්‍රිතාන්‍ය කොලොම්බියා

ü  රට                  : කැනඩාව

උතුරු ඇමරිකාවේ උසම ස්ථානයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල කැනඩාවේ පිහිටි හිම කන්දකින් ආරම්භ වන අතර වසර පුරාවට ස්ථීර ජල ප්‍රවාහයක් නැති දිය ඇල්ලකි.


10   බ්‍රවුන් දිය ඇල්ල (Browne Water Fall)

ü  උස                  : මීටර 836 (අඩි 2743)

ü  පිහිටීම           : ඩවුට්පුල් සවුන්ඩ්, සවුත්ලන්ඩ්

ü  රට                  : නවසීලන්තය

නවසීලන්තයේ උසින් වැඩිම දිය ඇල්ල වන අතර සංචාරක ආකර්ෂණය වැඩි වශෙයෙන් ඇති ප්‍රදේශයකි. සැක සහිත ශබ්දය නම් ස්ථානයට ඉහලින් පිහිටා ඇත.


බඹරකන්ද දිය ඇල්ල (SRI LANKA)

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇති අතර A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල ෆයිනස් ගස්වලින් පිරුණු වනයක හමුවේ.



ලෝකයේ විශාලතම දිය ඇල්ල- නයගරා දිය ඇල්ල

ප්‍රධාන දිය ඇලි තුනකින් සමන්විත නයගරා දිය ඇල්ල කැනඩාව හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් දෙකෙහි දේශ සීමා හරහා ඇද හැලෙන අතිශය චිත්තාකර්ෂණීය දිය ඇල්ලකි. නයගරා දිය ඇල්ල එහි සුන්දරත්වයට මෙන්ම ජල විදුලි බලයේ වටිනා ප්‍රභවයක් ලෙසද ප්‍රසිද්ධය. ග්ලැසියර දියවීමෙන් පෝෂණය වන මෙම දිය ඇල්ල නයගරා ගග මත පිහිටා ඇති අතර උසින් මීටර 51 (අඩි 167) වේ.



ලොව විශාලතම කෘතිම දියඇල්ල


චීනය විසින් ඉදිකර ඇති මෙම කෘතිම දිය ඇල්ල මීටර 108 ක් උසකින් සමන්විත වේ. චීනයේ ලයිබියන් ජාත්‍යන්තර ගොඩනැගිල්ලේ මෙම දිය ඇල්ල නිර්මාණය කර ඇත. 





දිය ඇලි වර්ගීකරණය


දිය ඇලි වර්ග එකොලහක් පමණ දැක ගත හැක.මෙම වර්ගීකරණයන් ජලය බැස යන ආකාරය වටා කේන්ද්‍රගත වේ.

ü  Punchbowl Waterfalls (පන්ච්බෝල් දිය ඇලි) - දිය ඇද වැටීම සන්සුන් බව නිසාම නිසල පතුලක් සහිත දිය ඇලි වර්ගයකි.

ü  Plunge Waterfalls (ප්ලන්ග් දිය ඇලි) - මෙම දිය ඇලි සිරස් ජල ප්‍රවාහයකින් සංලක්ෂිත වේ.

ü  Multi-step Waterfalls (බහු-පියවර දිය ඇලි) - මේවා පියවර හෝ ස්ථර මාලාවක් හරහා ගමන් කරන දිය ඇලි වේ.

ü  Horsetail Waterfalls (හොර්සෙටේයිල් දිය ඇලි) - ජලය ඇද හැලෙන විට ඍජුව එය හා සම්බන්ධ ශිඛරය හා සම්බන්ධ වේ.

ü  Frozen Waterfalls (ප්‍රෝසන් දිය ඇලි) - ජලය අධික අයිස් බවට පත්ව ඇති දිය ඇලි වේ.

ü  Fan Waterfalls (පෑන් දිය ඇලි) - තටාකයට ඇද හැලෙන විට විදුලි පංකාවක් වැනි හැඩයකින් සංලක්ෂිත වේ.

ü  Chutes (චූට්ස් දිය ඇලි) - විශාල පීඩනයකට ලක්ව ජලය ඇදහැලීම සිදු වේ.

ü  Cascades (කැස්කැඩ් දිය ඇලි) - සමව පිහිටන කදුශිඛර සමූහයකින් ඇදහැලෙන දිය ඇලි වේ.

ü  Block Waterfalls (බ්ලොක් දිය ඇලි) - වඩාත් බලවත් හා ගිගුරුම් සහිත ඒවා වේ.

ü  Segmented (ඛණ්ඩනය කරන ලද දිය ඇලි) - බැස යන විට විවිධාකාර ජල පහර ඔස්සෙ ගලා බසින දිය ඇලිවේ.

ü  Tiered (ටියර්ඩ් දිය ඇලි) - සමූහයක් වශයෙන් ඇදහැලෙන ඇලි කිහිපයකින් සමන්විත දියඇලි වේ.

 

(අන්තර්ජාලය ඇසුරිනි)

 

 

 -MIND-

Comments

Popular posts from this blog

අපි නොදැනුවත්ව භාවිත කරන මේ වචන වල හරි තේරුම මෙන්න